පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කරයි
එලිසබත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කළේය.
මිය යන විට ඔහු 99 වෙනි වියේ පසු විය.
පිලිප් කුමරු එලිසබත් කුමරිය හා විවාහ දිවියට පිවිසුණේ 1947 වසරේදීය. ඒ ඇය බ්‍රිතාන්‍ය රැජින වීමට පස් වසරකට පෙරදීය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රාජකීය වල්ලභයා ලෙස දීර්ඝතම කාලයක් කටයුතු කළ පුද්ගලයා පිලිප් කුමරුය.
රාජකීය යුවලට දරුවන් සිව් දෙනෙකු, මුණුබුරන් අට දෙනෙකු සහ මී මුණුබුරන් දස දෙනෙකි.