මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂවරයා අභාවප්‍රාප්ත වෙයි
මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
රෝගී තත්ත්වයක් හේතුවෙන් සතියක පමණ කාලයක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (11) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
වෛද්‍ය වසන්ත දිසානායක මහතා මියයන විට 58වන වියේ පසුවිය.
දීර්ඝ කාලයක් අපේක්ෂා රෝහලේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ඒ මහතා රෝහලේ දියුණුව වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරනු ලැබීය.
පිළිකා රෝගීන් කලින් හදඳනාගැනීම සඳහා වන පෙට්ස් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේ ද වෛද්‍ය වසන්ත දිසානායක මහතාය.
අභාවප්‍රාප්ත වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥතීන් සඳහන් කරයි.