කොවිඩ් එන්නතේ ‍දෙවන මාත්‍රාව ගැන විද්වත් කමිටු සාකච්ඡාවක්

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා මෙරට ජනතාවට ලබාදෙනු ලැබු ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට අදාළ විශේෂ සාකච්ඡාවක් අද (12) පැවැත්වීමට නියමිතය.

දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් 230,000ක් පමණ පවතින අතර එය ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේවෙතත් අද දිනයේ පැවැත්වෙන විද්වත් කමිටු සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා,

“එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම කළ යුත්තේ පළවෙනි එන්නත ලබාදීලා සති 10ත් 12ත් අතර අතර තමයි අපි එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා දැනට අපි හඳුනාගෙන ඇති නිර්නායකය. මේ සඳහා අවශ්‍ය එන්නත් 230,000ක් අපි සතුව දැනට තියෙනවා. දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අපි මුලින් තීරණය කළේ මේක සති 10කින් ලබා දෙනවා කියලා. දැනට ගෝලීය වශයෙන් පවතින තත්ත්වය අධ්‍ය යනයකරමින් පවතිනවා. අපි සති 10න් දෙනවාද ? 12යෙන් දෙනවාද ? නැතිනම් ඊට වැඩිය පරක්කු කරලා දෙනවාද කියලා. එතකොට අපේ ඊළඟ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය අපිට අප්‍රේල් මාසයේ අවසානයේ ලැබෙන්න තියෙනවා. “