රජයේ නිවාඩු දිනයක් බව නොදැන වැඩිහිටි දීමනාව ගන්න ආ පිරිසක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය විසින් මාසිකව ලබාදෙන රුපියල් 2,000ක වැඩිහිටි දීමනාව ලබාගැනිමට හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ බොහෝ පිරිසක් අද (12) උදෑසන තැපැල් කාර්යාල ඉදිරිපිට රැස්ව සිටියහ.
සෑම මසකම 10 වන දින සිට 15 වන දින දක්වා අදාළ දීමනාව තැපැල් කාර්යාලවලින් ගෙවනු ලබයි.
නමුත් එළඹෙන අලුත් අවුරුද්ද හේතුවෙන් රජය විසින් පසුගිය දා අද දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළේය.
ඒ බව නොදැන අද දිනයේ විශාල පිරිසක් අදාළ දීමනාව ලබාගැනීමට තැපැල් කාර්යාල ඉදිරිපිටට පැමිණ හිස් අතින් ආපසු නිවෙස් කරා යන අයුරු අපට දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවසීය.