චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්

ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම චීන සංවර්ධන බැංකුව සමඟ අද (12) අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.
බිජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කර්යාලයේ දී අදාළ ගිවිසුම අත්සන් තැබූ බව වාර්තා වේ.
එම මුදල් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා අදාළ ගිවිසුමට අත්සන් තබා තිබේ.
මෙමගින් කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්වී ඇති මෙරට ආර්ථිකය ගොඩ නැංවීම සඳහා ඉහළ දායකත්වයක් ලැබෙනු ඇති බව ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව ආචාර්ය පාලිත කොහොන මහතා ප්‍රකාශ කළේය.