පිළිකා කාරක පොල් තෙල් තොගයෙන් කොටසක් ප්‍රතිනැව්ගත කිරීම ඇරඹේ

මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කර තිබූ ” ඇෆලටොක්සීන් ” නමැති පිළිකා කාරක පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය කිරීම සඳහා කොළඹ වරායේ SAGT පර්යන්තයේ නවතා ඇති බාබරා නෞකාවට පැටවීම ආරම්භ කර තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා කියා සිටියේ, අද (12) උදෑසන 9.30ට පමණ එම කටයුතු ආරම්භ කළ බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එලෙස ප්‍රතිඅපනයනය කෙරෙන්නේ කටාන රිෆයිනරීස් සමාගමට අයත් පොල්තෙල් අඩංගු බහාලුම් 6කි.

එම පොල්තෙල් තොගය අප්‍රේල් මස 6 වන දින ආනයනයකරුගේ පෞද්ගලික ගුදමේ සිට කොළඹ වරායේ SAGT පර්යන්තය වෙත රේගු නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැගෙන විත් තිබුණි.

ප්‍රතිනැව්ගත කිරීම අධීක්ෂණය කිරීම සඳහා රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ උපදෙස් මත, රේගු නිවාරණ අංශයේ සහ රේගු මධ්‍යම භාණ්ඩ පරීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් කොළඹ වරායේ SAGT පර්යන්තය වෙත පැමිණ සිටී.

එම පොල්තෙල් තොගය රැගත් බාබරා නෞකාව අද සවස 5.00 ට කොළඹ වරායේ SAGT පර්යන්තයෙන් මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතය.