සිංහල හා හින්දු අවුරුදු නැකත් !
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව හෙටට (14) යෙදී තිබේ.
සුර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ අලුත් අවුරුදු උදාව සිදුවේ.
මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට පුර්වභාග 2.33ට අලුත් අවුරුද්ද උදාවෙයි.
ඉදිරි දිනවලදී එළඹීමට නියමිත නැකත් මෙසේය.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා අපර භාග 08.09 සිට 14 වන බදාදා පූභා. 08.57 දක්වා පුණ කාලය
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වෙනි බදාදා දින පූර්ව භාග 02.33 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 06.17 ට ලා කොළ වර්ණ (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා එළකිරී මිශ්‍ර කිරි බතක් ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවී.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි බදාදා පූර්ව භාග 07.41ට ලා කොළ වර්ණ (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවී.
නව සඳ බැලීම
නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා සහ අභිනව සූජ්‍ය වර්ෂය සදහා අප්‍රේල් මස 16 සිකුරාදා දින නව සඳ බැලීම මැනවි
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 17 වෙනි සෙනසුරාදා දින පූර්ව භාග 07.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද, පයට කරඳ පත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවී
රැකිරක්ෂා සදහා පිටත්ව යෑම
අප්‍රේල් මස 19 වෙනි සඳුදා පූර්ව භාග 06.39 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දී කිරි සහ ගිතෙල් මිශ්‍ර කිරි බතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවී