1000 මල්ල විවේචනය කළ අසේල සම්පත් කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට !

 

සමස්ත ලංකා ආපනශාලා හිමියකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු, අසේල සම්පත් මහතාව කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ, වොක්ෂෝල් වීදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ කටයුතුවලට බාධා කළැයි මීට වසර දෙකකට පමණ පෙර ගොනු කරන ලද නඩුවකට අදාළව නිකුත් කර තිබුණු විවෘත වරෙන්තුවකට අනුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ.

 

කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර, සතොස ආයතනය විසින් ලබාදෙන රුපියල් 1000 සහන මඩු මල්ල සම්බන්ධයෙන් අසේල සම්පත් මහතා මාධ්‍ය හමුවක් පවත්වා තියුණු විවේචනයක් එල්ල කළ අතර ඒ සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගතයුතු බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදීම ප්‍රකාශ කර තිබිණි.

එමෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතදී ද බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ බඩු මල්ලට අපහාස කළ අය දුටුතැන අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බවත් ඔහුට එරෙහිව රුපියල් කෝටි 50ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

අදාළ මාධ්‍ය හමුවේදී අසේල සම්පත් මහතා ප්‍රකාශ කර තිබුණේ එම බඩු මල්ල යහපාලන රජයේ අවසන් සමයේදී මිලදී ගත්තේ නම් වැයවනු ඇත්තේ රුපියල් 600 – 650ක් වැනි මුදලක් පමණක් බවකි.