හිට්ලර් වැන්නකු කිසිදු දේශපාලඥයකුට පරමාදර්ශ චරිතයක් නොවේ : ජර්මානු තානාපතිවරයා

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු මෙන් කටයුතු කළ යුතු බවට කළ ප්‍රකාශයට , මිලියනයක පමණ ජනතාවකගේ මරණවලට හිට්ලර් වගකිවයුතු බව ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සූබරුට් මහතා සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් අවධාරණය කර තිබෙනවා.

එවැනි හිට්ලර් වැන්නකු කිසිදු දේශපාලඥයකුට පරමාදර්ශ චරිතයක් නොවන බවද ජර්මානු තානාපතිවරයා සිය ට්විටර් පණිවුඩයේ දක්වා ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!