ඉස්ලාම් අන්තවාදි සංවිධාන 11ක් තහනම් කරමින් ගැසට් නිවේදනය නිකුත් කෙරේ
ඉස්ලාම් අන්තවාදී සංවිධාන 11ක් ශ්රී ලංකාව තුළ තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (13) රාත්රියේ නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයෙන් පහත සඳහන් සංවිධාන මෙරට තුළ ක්රියාත්මක වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.