නාත්තන්ඩියේ වැලි ජාවාරම
නාත්තන්ඩිය ප්‍රදේශයේ කලක පටන් නීතිවිරෝධී අයුරින් වැලි සෝදා නීතිවිරෝධීව ප්‍රවාහනය කරන ස්ථාන රැසක් පිළිබඳව තොරතුරු අනාවරණය වුණි.
නාත්තණ්ඩිය, දීපසේවා ප්‍රදේශයේ වැලි ජාවාරම් කරන බවට ලද තොරතුරකට අනුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරීන් එහි යන විටත් පිරිසක් එක් ස්ථානයක වැලි සෝදමින් සිටි ආකාරය දැකගන්නට හැකි විය.
පසුව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කරනු ලැබීය.
එහිදී අනාවරණ වුණේ එම ස්ථානයට කිසිදු අවසරයක් ලැබී නොමැති බවය.
තවදුරටත් සිදුකළ පරීක්ෂා කිරීමේදී එහි තිබී වැලි ප්‍රවාහන බලපත්‍ර කිහිපයක් සොයාගැනුණි.
එහිදී තහවුරු වුණේ එම බලපත්‍ර වෙනත් ස්ථානයකින් මිලදී ගෙන එම ස්ථානයේදී මකා වෙනස් කළ හැකි පෑනක් මගින් ඒවා නැවත නැවත පුරවා සූක්ෂ්ම ලෙසින් වැලි ප්‍රවාහනය කරන බවය.
පසුව මෙහි හිමිකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙහිදී වෙළෙඳ බලපත්‍ර නොමැති තවත් ස්ථානයක් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කළ අතර එහිදී ද අනාවරණ වුයේ ඊටද වෙළෙඳ බලපත්‍ර පවා නොමැති බවය.
එවැනි ස්ථාන නිසා රාජ්‍ය ආදායමද විශාල වශයෙන් අහිමිවන බැවින් ඉදිරියේදීත් නාත්තන්ඩිය ප්‍රදේශයේ සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරම් පිළිබඳව අවධානයෙන් පසුවන බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරීන් පැවසිය.