ගිලිහෙමින් තිබූ ජයග්‍රහණය අවසන් මොහොතේ දිනාගැනීමට රාජස්ථාන් සමත් වෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (16) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ පන්ජාබ් කින්ග්ස් සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම් අතර ය.
මෙවර තරගාවලියේ පන්ජාබ් කණ්ඩායම සහභාගී වු පළමු තරගය ජය ගැනීමට සමත් විය.
කෙසේවෙතත් චෙන්නායි කණ්ඩායමට සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට හැකි වුයේ නැත.
මේ අතර IPL ක්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ (15) සමත් විය.
ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත් කරමිනි.
මුම්බායි හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 147කි.
එහිදී සිය කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවට දැවීයද්දී නායක රිෂාබ් පන්ට් පන්දු 32කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 51ක් රැස් කළේය.
අනතුරුව පැමිණි කිසිදු පිතිකරුවෙකුට ලකුණු 25 සීමාව පසුකර යෑමට රාජස්ථාන් පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත.
පන්දු යැවීමේදී ජාදෙව් උනඩ්කට් ලකුණු 15කට කඩුලු 3ක් දවා ගැනීමට සමත්විය.
ලකුණු 148ක ඉලක්ය හඹායෑම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිව්දෙනාම ලකුණු 10 සීමා පසුකර යෑමටත් පෙර දවාගැනීමට දිල්ලි පන්දු යවන්නන් සමත් විය.
අනතුරුව පිටියට පිවිසි ඩේවිඩ් මිලර් පන්දු 43කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 62ක් රැස්කිරීමට සමත් වුයේ ජයග්රහන පිළිබඳ යම් බලාපොරොත්තුවක් එක් කරමිනි.
එහෙත් ඩේවිඩ් මිලර් 7 වන කඩුල්ල ලෙස දැවී යෑමත් සමග තරගයේ ජය යළිත් දිල්ලි කණ්ඩායම සතුවෙමින් පැවතියත් 8 වන කඩුල්ල සඳහා පිටියට පිවිසි ක්‍රිස් මොරිස් පන්දු 18කදී හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණේ රාජස්ථාන් රෝයල්ස් පිලේ ජයග්‍රහණය තහවුරු කරමිනි.
ඒ අනුව පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 7ක් දැවී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජයග්‍රහී ඉලක්කය පසුකර ගියේය.