තහනම් කරන ලද අන්තවාදී සංවිධානවල වත්කම් රාජසන්තක කිරීමට පියවර
තහනම් කරන ලද ඉස්ලාම් අන්තවාදී සංවිධාන සතු වත්කම් රාජසන්තක කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.
ඔහු පවසන්නේ එම සංවිධානවල නායකයින්ගෙන් මේ වන විට ඒ පිළිබඳ තොරතුරු ලබා ගනිමින් සිටින බවය.
කොළඹ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නලට පිළිතුරු දෙමින් සරත් වීරසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදි ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වන විට අන්තවාදි සංවිධාන 11ක් තහනම් කර ඇති බවය.
“අන්තවාදී සංවිධාන 11ක්ම අපි සම්පූර්ණයෙන්ම තහනම් කළා. ඒ අයගේ නායකයෝ ගෙන්නලා විමර්ශන කටයුතු කරගෙන යනවා. ඔවුන්ගේ තිබෙන වත්කම් සහ බැංකු ගිණුම් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගත් හැටියෙම අපි ඒවා රාජසන්තක කරන්න කටයුතු කරනවා. ඒ වගෙම තමයි ඒවාගේ සාමාජිකයින්ට ඒ කටයුතුවල යෙදෙන්න බෑ. එහෙම ඒ කටයුතුවල යෙදීලා අන්තවාදය සහ ත්‍රස්තවාදය පතුරවන්න කටයුතු කළොත් අනිවාර්යයෙන්ම ඔවුන් සම්බන්ධයෙනුත් නීතිමය පියවර ගන්නවා. ඔවුන්ගේ වත්කම් සහ බැංකු ගිණුම්වල විමර්ශන වාර්තා ගත්තට පස්සේ ඒ වාර්තාව නීතිපතිවරයාට ඉදිපත් කරලා ඒවාත් රාජසන්තක කරන්න කටයුතු කරනවා. ඒ ආකාරයට ඔවුන් අන්තවාදය වැපුරු අයනම්, ආගමික අන්තවාදය සහ මිනිස්සු ඝාතනය කිරිමේ කුමන්ත්රණවලට යෙදිලා තියෙනවා නම් මේ වන විටත් ඒ අය අපි අත්අඩංගුවට ගෙන හමාරයි. මේ මතවාදින් ඉන්නේ කවුරුන්ද කියලා අපට කියන්න බෑ. ඒක තියෙන්නේ තමාගේ මොළය ඇතුළේ. ඉතින් මතවාදීන් ඉන්න අය අපි විමර්ශනය කරනවා ඉදිරියේදීත් ඔවුන් එම මාතවාදය පතුරනවාද කියලා.”