පාස්කු ප්‍රහාරකයින් ගැන කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක්

ආගමික අන්තවාදය අතකොළුවක් කරගෙන තම දේශපාලන බලය ශක්තිමත් කිරීමට වෙරදරූ පිරිසක් පාස්කු ප්‍රහාරය එල්ල කළ බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරයි.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකරමින් ඉදිකළ ස්මාරක ආසිරි ගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහිකිරීම සඳහා ඉදිකළ ස්මාරක දෙකක් ආසිරි ගැන්වීම අද (18) පස්වරුවේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

ඒ අනුව බොරැල්ල පොදු සුසාන භූමිය වෙත පැමිණි කාදිනල් හිමිපාණන් ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් 09 දෙනෙකු සිහිකිරීම සඳහා ඉදිකළ ස්මාරකයක් ආසිරි ගැන්වීම සිදුකළේය.

අනතුරුව කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් සිහි කිරීම සඳහා මාදම්පිටිය සුසාන භූමියේ ඉදිකළ ස්මාරකය ආසිරි ගැන්වීමද සිදුකළේය.