පිළියන්දළ PCR 130කින් ආසාදිතයන් 31ක්

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ  ප්‍රදේශ කිහිපයක අහඹු ලෙස සිදුකළ  පී.සී.ආර්. පරීක්ෂණ 130කින්  පුද්ගලයන් 31 දෙනෙකුට කොරෝනා වෛරසය  ආසාදිත වී ඇති බවට  අනාවරණය වූ බව එම  කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

බෝකුන්දර ,ගොරකපිටිය, රත්මල්දෙණිය හා ඇරව්වල  ප්‍රදේශවලින්  එම ආසාදිතයන් වාර්තා වී ඇතැයි  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ  ප්‍රකාශකයා කිය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 143ක් ඔවුන් ඔවුන්ගේ නිවෙස් වල ම ස්වයං නිරෝධායන ලක් කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.