ඌවේ පාසල් 62ක් ජාතික පාසල් බවට පත්වේ

ඌව පළාත් සභාව වසර තිහක් තිස්සේ පාලනය කළ පාසල් 62ක් ජාතික පාසල් බවට පරිවර්තනය වී සංවර්ධනය වන බව පළාත්අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.එම් රත්නායක මහතා පැවසීය.

ඌව පළාත් සභාවට අයත් පාසල් 898ක් තිබේ. මෙතෙක් පාසල් 36ක් පමණක් මධ්‍යම රජයට අයත්ව තිබිණ.මින් ඉදිරියට පාසල් 98ක්ජාතික පාසල් වන අතර පාසල් 836ක් පළාත් සභාව මගින් පාලනය වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තිබෙන පාසල් අතරින් වැඩිම ළමුන් සිටින පාසල් ජාතික පාසල් බවට පත්වේ.

ඌව පළාතේ පළාත් සභා පාසල් ජාතික පාසල් බවට පත් කරන ජාතික උත්සවය අප්‍රේල් 29දින සියඹලාණ්ඩුව මහ විදුහලේදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවේ.

ලුණුගල ප්‍රසන්න පත්මසිරි