යාල ජාතික වනෝද්‍යානය අසල හෝටලයක සංචාරක මඟ පෙන්වන්නකුටත් කොරෝනා

යාල ජාතික වනෝද්‍යානය අසල හෝටලයක සංචාරක මඟ පෙන්වන්නකු වූ මොහු පසුගිය දිනවල කොළඹ හා වෙනත් ප‍්‍රදේශවල සිට පැමිණි සංචාරකයන් ගණනාවකට මඟ පෙන්වා ඇති බවද අනාවරණය වී ඇත. මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ ඔහු සේවය කළ හෝටලයේ සේවකයන් 61 දෙනකු හා පිටත සේවකයන් 60 දෙනකු නිරෝධායනයට යොමු කර ආසාදිත පුද්ගලයා හම්බන්තොට පැරණි රෝහලේ ස්ථාපිත කර තිබෙන කොරෝනා ප‍්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.