කැරොලයින් ජූරි එපා කියූ කිරුළ අයර්ලන්තයට
2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම එම තරඟය සංවිධානය කළ ආයතනය විසින් පිළිගෙන තිබේ.
ඒ අනුව එම තරඟයේ දෙවන ස්ථානය හිමිවු අයර්ලන්ත විවාහක රූ රැජිනට “ලෝක විවාහක රූ රැජින කිරුළ“ ලබාදීමට ඔවුන් ක්රියාකර ඇත.
පසුගිය දා තමා ජයග්රහණය කළ 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හැරීමට තීරණය කළ බව කැරොලයින් ජූරි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
2021 විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන අතර කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමට එම කාර්යය සිදු නොකළ බව ඇය පවසයි.