ඉන්දීය දෙවැනි කොවිඩ් රැල්ල සුනාමියක් වගේලු

මාර්තු මැද භාගයේ ආරම්භ වූ දෙවැනි කොරෝනා රැල්ල ඉන්දියාව පුරා සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් කඩා වැටීමේ තත්ත්වයකට ළඟාකර ඇත්තේ සුනාමියක් ලෙසිනි.

සොහොන් පිටි පිරී ගොස් ඇති අතර, රෝහල්වලින් රෝගීන් ආපසු හරවා එවන තත්ත්වයක් දැකගත හැකිය. මංමුලා වූ ජනතාව සමාජ මාධ්‍ය වෙත හැරෙමින් රෝහලක ඇඳක් හෝ ඖෂධ ඉල්ලා අයදින ආකාරය දැකිය හැකිය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ගෙවීගිය දිනයේ ලක්ෂ 3කට ආසන්න ආසාදිතයන් සමග මරණ 2,023 ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය ආරම්භයේ සිට එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම ආසාදන හා මරණ සංඛ්‍යාවද වෙයි.

මුම්බායි හි ලිලාවති රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ රෝගී පරිමාව අති විශාල බැවින් රෝහල් ලොබිය අතිරේක කෝවිඩ් වාට්ටුවක් බවට පරිවර්තනය කිරීමට සිදුවූ බවය. බොහෝ දේවල් පාලනයෙන් ගිලිහී ගොස් ඇති අතර, තත්ත්වය සුනාමියකට සමාන බව සඳහන් වෙයි.

ඔක්සිජන් නොමැතිව රෝගීන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ සිදුවීමක්ද පසුගියදා වාර්තා වූ අතර, කොවිඩ් පරීක්ෂණයක් ලබාගැනීමට සතියක් පමණ බලා සිටිය යුතුය. එනම් සෞඛ්‍ය සේවා පද්ධතියේ බිඳ වැටිය හැකි සෑම පද්ධතියක්ම බිඳ වැටෙමින් පවතී.