HPB අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධයක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපෙම මහතාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තාවේ.
එම තනතුරෙන් අද දින (22දා) සේවය අවසන් කරන ඒ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය තොරතුරු අංශයේ නව අධ්යක්ෂ වරයා ලෙස පත්වීමට නියමිතය.
රෝහල් හා සෞඛ්‍ය ආයතන රැසක ප්‍රධාන තනතුරු ගණනාවක කටයුතු කළ ඒ මහතා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකි.
කෝවිඩ් 19 වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ජනතාව දැනුවත් කිරීමට සුවිශේෂී මෙහෙවරක් ඔහු විසින් සිදුකරනු ලැබුවේය.