දමිල මහා විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් පිරසක් නිරෝධායනයට

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන දමිල පාසලක ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (24) දින රාත්‍රියේ තහවුරු වු බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.

එම ගුරුවරිය ඉකුත් (23) දින පාසලට පැමිණ ඇති බවත්, ඉන් අනතුරුව ඇය තලවකැලේ දෙව්සිරිපුර ප්‍රදේශයේ නිවසේ සිටියදි (24) දින රාත්‍රියේ හදිසියේ රෝගාතුර වි නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු රෝහලේදි සිදු කරන ලද ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂණයකින් එම ගුරුවරියට කොවිඩ්  19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අසාදිත ගුරුවරිය ඉගැන්විම් කටයුතු සිදු කල එම පාසලේ 9 වසරේ සිසුන් කිහිප දෙනෙකු සහ එම අසාදිත ගුරුවරියගේ ළගම ආශ්‍රිත ගුරුවරුන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කරන ලෙසට එම පාසල අයත් බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට දැනුම් දි ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.