කැස්බෑව PCR 112කින් 65කට කොවිඩ්

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් වාර්තා වී තිබූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් එකසිය දොළොස් දෙනෙකු ඉලක්ක කරගනිමින්  සිදුකළ පී.සී.ආර් පරීක් ෂණයේදී රෝගීන් හැට පස්දෙනෙකු ඊයේ (24 දා) වාර්තා වූ බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය .

ඒ අනුව දින පහක් තුළ බල ප්‍රදේශයෙන් ආසාදිතයින් අනූ හත් දෙනෙකු  වාර්තා වී ඇති බවත්  ඒ සඳහා පී.සී.ආර් පරීක්ෂණ 164 ක් සිදුකර ඇති බවත් වෛද්‍ය නිලධාරී තුමිය වැඩිදුරටත් කිවාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම රෝගීන් අතර එක් මසක බිලිදකු ද සිටින බව පැවසේ .

මෙහිදී හල්පිට ප්‍රදේශයේ රජයේ සුපිරි වෙළඳ සැලකින් හා  කැස්බෑව  ප්‍රදේශයේ පෞද්ගලික සුපිරි වෙළඳසැලකින් ආසාදිතයන් දස දෙනකු වාර්තා වීම නිසා එම සුපිරි වෙළෙඳසල් දෙක තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද කියයි .

ඒ අනුව ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 350 කට ආසන්න පිරිසක් මේ වන විට ගෘහස්ථ  නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන් හෙට 27 දා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය.

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න