බදුල්ලේ බැංකු සේවක 13කට කොවිඩ්
බදුල්ලේ බැංකු දෙකක සේවකයන් 13ක් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.
මොවුන්ගෙන් කොරෝනා ආසාදිතයන් 12 දෙනෙකු බදුල්ල නගරයේ රාජ්‍ය බැංකුවක සේවකයන් වන අතර අනෙක් පුද්ගලයා පෞද්ගලික බැංකු සේවකයෙකි.
මීට අමතරව බදුල්ල යාල්පානවත්ත, බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්ද කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.
කොරෝනා ආසාදිත බැංකු සේවක පිරිස කොග්ගල පිහිටි නිරෝධන මධ්‍යස්ථානයට යැවූ බවත් සෙසු පිරිස බිදුනුවැව දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බව බදුල්ල මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රනිල් ප්‍රියංකර මහතා සඳහන් කළේය.
ඇල්ල ප්‍රසාද් රුක්මාල්