2020දී ඩොලර් මිලියන 879.94 ක සංචාරක ආයෝජන

කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම් හමුවේ වුවද 2020 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 879.94 ක වටිනාකමක් සහිත නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 54ක් සදහා විදේශීය ආයෝජකයින් ඉදිරිපත්ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඉන් ඇමරිකන් ඩොලර් මිලියන 188.4ක වටිනාකමකින් යුක්ත ව්‍යාපෘති 29ක් සඳහා මේ වන විට අවසන් අනුමැතිය ලැබී ඇති බව පවසන ඇමතිවරයා ඉතිරි ආයෝජන සදහා ද කඩිනමින් අනුමැතිය ලබා දීමට කටයුතු කරමින් සිටින බව සදහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉකුත් වසර 10 තුල මෙරට සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ව්‍යාපෘති 854 ක්‍රියාත්මක කර ඇති අතර ඩොලර් මිලියන 7026 ආදායමක් එමගින් ලබා ගෙන තිබේ. කොවිඩ් වසංගත තත්ත්වය යටතේ වුවත් 2020 වසරේ දී සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ ව්‍යාපෘති 54ක් සඳහා ආයෝජකයින් ඉදිරිපත්ව තිබීම රටක් වශයෙන් ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. පසුගියදා (23)  සිනමන් ග්‍රෑන්ඩ්හී පැවැති සංචාරක ආයෝජන ප්‍රවර්ධනයට කැපවූ රාජ්‍ය අංශ නිලධාරීන් ඇගයීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.