93 වන ඔස්කා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි සම්මානය කාන්තාවකට
93 වන ඔස්කා සම්මාන උළෙල මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, අමෙරිකාවේ ලොස්ඇන්ජලිස් හිදී. අදාළ උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය සඳහා වන සම්මාන චීන ජාතික අධ්‍යක්ෂිකාවක වන Chloe Zhaoට හිමි වුණා. ඒ, Nomadland චිත්‍රපටිය සඳහායි. වසර සියයක කාලය තුළ මෙම සම්මානය ජයගත් දෙවන කාන්තාව Chloe Zhao වීම විශේෂත්වයක් වනවා.
එහිදී හොඳම චිත්‍රපටය ලෙස නෝමැඩ්ලෑන්ඩ් චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. මෙම සම්මාන උළෙලේ හොඳම අධක්ෂණයට හිමි සම්මානය දිනා ගත්තේ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ක්ලොවී ෂාව්.
එමෙන්ම එහි රඟපෑ ෆ්‍රැන්සිස් මැක්ඩෝමන්ඩ් හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර හොඳම නළුවා ලෙස සම්මාන ලැබුවේ ද ෆාදර් චිත්‍රපටයේ රඟ පෑ සර් ඇන්තනී හොප්කින්ස්.