අනුෂ්ක සභාපතිධුරයෙන් ඉල්ලා අස්වෙයි

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ අනුෂ්ක ගුණසිංහ මහතා අද  (28) එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

පෞද්ගලික හේතූන් මත ඔහු එම ධූරයෙන් ඉල්ලා අස්වූ බව අනුෂ්ක ගුණසිංහ මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතික ව්‍යවසායක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත් කල ගුණසිංහ මහතා වසර 1 1/2 කට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කළේය.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුෂ්ක ගුණසිංහ මහතා කියා සිටියේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය අනුව යමින් දේශීය ව්‍යවසායකයින් පිරිසක් බිහිකිරීමේ අරමුණින් එම භාරධූර වගකීම තමාට පැවරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා  කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට ගෞරවනීය ස්තූතිය පුද කරන බවය.

එමෙන්ම පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ කටයුතු සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලුම දෙනාටම ස්තූතිය පළ කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.

රොමේෂ් ධනුෂ්ක