සෝමාවතිය පුදබිම වසයි
පොලොන්නරුව ඓතිහාසික සෝමාවතිය රාජමහා විහාරස්ථානය බැතිමැතුන් සදහා වැදපුදා ගැනිම අද (28) සිට නැවැත දැනුම් දෙන තුරු තාවකාලික වසා දැමිමට කටයුතු කල බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්.කුමාරවංශ මහතා කියයි.
ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂකවරයා මෙසේ අදහස් දැක්වුහ.
එම විහාරස්ථානයේ වැඩ වසන සාමණේර හිමි නමකට කොවිඞ් 19 වයිරසය ආසාදනය වී තිබේ. ඒ හෙතුව නිසා එහි වැං සිටින අනෙකුත් ස්වාමින් වහන්සේලා මෙන් එහි රාජකාරයේ නිරත විවිධ අය සමග ආසාදනය වු ස්වාමින්වහන්සේ සම්බන්ධකම් පවත්වා තිබේ.
ඒ අනුව ඒ සියලු දෙනා පි.සි. ආර්. පරික්ෂණ සදහා යොමු කිරිම මේවන විට සිදු කරමින් පවතිනවා. මෙම පුජා භුමියට රට පුරා සිටින ජනතාව පැමිණෙනවා. රෝගය පැතිර යැම වළක්වා ගැනිම සදහා එම පුජා භූමියට කිසිවෙකුට ඇතුල්විම තහනම් කිරිමට අපට සිදු වුනා යැයි පැවැසුහ