ලාංකිකයන් 4000ක් ඉතාලියේ සිට යළි මව්බිමට පැමිණීමට සූදානමින්

ඉතාලියේ සිට ලංකාවට යෑමට ලාංකිකයන් හාරදහසකට අධික පිරිසක් පසුගිය මැයි මාසයේ සිට රෝම නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව තනාපති කාර්යාලය පවසයි.

මෙම පිරිස අතර සිසු සිසුවියන් වැඩිහිටි පුද්ගලයන් මෙන්ම විවිධ රෝගී තත්වයන්ගෙන් පසුවන අය මේ අතර සිටින බව මේ සම්බන්ධයෙන් විමසිමේදි රෝම නුවර වැඩ බලන ශ්‍රී ලංකා තානාපති සිසිර සෙනෙවිරත්න මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

තනාපති කාර්යාලය මෙහි සම්බන්ධිකරණ කටයුතු පමණක් සිදු කරන බැවින් රජයේ උපදෙස් හා මග පෙන්වීම මත අවශ්‍ය පහසුකම් සැලසීමට තනාපති කාර්යාලය කටයුතු කරන බව තනාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

ඉතාලියේ සිට ලාංකිකයන්ට තම මව රටට යෑමට ලක්ෂ හතරකට අධික මුදලක් වියදම් කිරිමට සිදුවන බවත් මෙය අසාධාරණයක් ඉතාලියේ ශ්‍රී ලංකා එකමුතුව පවසයි.