ලිට්රෝ 12.5 KG ගෑස් සිලින්ඩරය අඛණ්ඩව
රට තුළ පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතාව සඳහා හිඟයකින් තොරව කිලෝ ග්‍රෑම් 12.5 කින් යුත් සාමාන්‍ය ගෑස් සිලින්ඩරය වෙළඳපොළට නිකුත් කිරීමට ලිට්රෝ ගෑස් සමාගම සහතික වී ඇති බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභොගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව කිලෝ ගෑම් 12.5ක සාමාන්‍ය ගෑස් සිලින්ඩරය රුපියල් 1493 ක මිලකට පාරිභෝගිකයන්ගේ අභිමතය පරිදි නියෝජතයන්ගෙන් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර් ගෙන තිබේ.
මීට අමරතව ලීටර් 18 හයිබ්‍රිඩ් ප්රිමිර් ගෑස් සිලින්ඩරය නව නිෂ්පාදනයක් ලෙස වෙළඳපොළට හඳුන්වා දෙන්නේ නම්
නව නිශ්පාදනයේ කාර්යක්ෂමතාව
එම සිලින්ඩරයේ තිබෙන ගෑස් ප්‍රමාණය හා මිල
එම සිලින්ඩරය වර්තමානයේ තිබෙන සිලින්ඩර්වලට වඩා වෙනස්ව හඳුනා ගත හැකිවීම යන කරුණු සම්පූර්ණ විය යුතු බවද අමාත්‍යාංශය දන්වා සිටියි.
කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමේ අපහසුතා ඇත්නම් 1977 අංකයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අමතන ලෙසද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.