මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්

   

2020/2021 වර්ෂයට අදාල වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කරමින් රටේ දේශපාලන සංස්කෘතියෙහි වෙනසක් ඇති කිරීමට පියවරක් ඉදිරියට තබන මෙන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) වත්මන් පාර්ලිමේන්තුවේ සියලුම නියෝජිතයන්ට ලියා දන්වමින් ඉල්ලීමක් සිදු කරන ලදී.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

TISL ආයතනය ශ්‍රී ලංකාවේ මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මැතිවරණමය වගවීමේ සංස්කෘතියක් කරා සැලකිය යුතු වෙනසක් සලකුණු කරමින් සිය වත්කම් ප්‍රකාශන මහජනතාව අතට පත් කරලීම සඳහා පෙරටුගාමීව එක් වූ විවිධ දේශපාලන පක්‍ෂ නියෝජනය කරනු ලැබූ පාර්ලිමේන්තු නියෝජිතයින් 12 දෙනා උදාහරණයට ගනිමින් එම වෙනස සනිටුහන් කරන ලෙසයි.

එමෙන්ම, TISL ආයතනය විසින්  පළාත් සභා සහ පළාත් පාලන ආයතනයන්හි මැතිවරණයෙන් තේරී පත් වූ සියලුම නිලධාරීන්ද, ඔවුන්ගේ වත්කම් ප්‍රකාශනයන් ප්‍රසිද්ධියට පත් කොට මෙම ක්‍රියාවලිය සමඟින් එක්වීමට දිරිමත් කරයි.