පාස්කු ප්‍රහාරයේ තොරතුරු රැසක් එළියට එන හැඩ

පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීම සම්බන්ධයෙන් තොරතුරු රාශියක් දන්නා පුද්ගලයෙක් ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකයේ භාරයට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

මෙම පුද්ගලයා පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙක් බවත් ඒ පිළිබඳව කළ දීර්ඝ විමර්ශනයකදී සැකකරු තොරතුරු රාශියක් දන්නා බවට අණාවරණය වූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“සහරාන් හෂීම්ගේ සහෝදරයා වන මොහොමඩ් රිල්වාන් යම් පුපුරණ ද්‍රව්‍යයක් අත්හදා බැලීමට යාමේදී 2018 තුවාල ලබා තිබුණා. පාස්කු ප්‍රහාරයට පෙර මෙම සිදුවීම වාර්තා වුණා.

මෙම අත්හදා බැලීමට පුපුරණ ද්‍රව්‍ය ගෙන එන්නේ කවුරුන්ද, අත්හදා බැලීම සිදුකළේ කෙසේද යන්න පිළිබඳව නිසි කරුණු තිබුණේ නෑ.

මොහොමඩ් රිල්වාන් පාස්කු ප්‍රහාරයෙන් පසුව කල්මුණේ සිදුකරගත් පිපිරීමකදී මිය ගියා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශන සිදුකරනු ලැබුවා. පාස්කු ප්‍රහාරයට පෙර මෙම ඝාතකයින් සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව.

මෙම පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමට අමුද්‍රව්‍ය සපයා ඇති බවත් එම අමුද්‍රව්‍ය සැගවීමට එක් පුද්ගලයෙකු උදව් කර ඇති බවත් මෙම සිද්ධිය වූ ස්ථානය නිසැකවම දන්නා බවත් අණාවරණය වුණා.

ඔහු මේ වන විටත් කල්මුණේ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙක්. ඒ ඔහු පාස්කු ප්‍රහාරයට ආධාර කිරීම සම්බන්ධයෙන්.

නමුත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔහුගේ සම්බන්ධතාවය අණාවරණ වී තිබුණේ නෑ.

කෙසේ වෙතත් මේ පිළිබඳව කළ දීර්ඝ විමර්ශනයේදී කාන්තන්කුඩි ප්‍ර දේශයේ පදිංචි 28 හැවැරදි රාසික් රාසා නැමති මෙම පුද්ගලයා රිල්වාන් සමග අත්හදා බැලීමට සහාය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මොහු අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියා. කෙසේ වෙතත් ඊයේ දිනයේදී මොහු ත්‍රස්ත ක්‍රියා කෙට්ඨාසය මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව රදවාගෙන ප්‍රශ්න කිරීමට ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකයට අවසර ලැබුණා.

පාස්කු ප්‍රහාරයට පෙර මෙම ත්‍රස්තවාදීන් සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව තොරතුරු රැසක් මොහු දන්නා බවට සැකකෙරෙවා.”