KDU රෝහලේ දැඩිසත්කාරක සේවා පහසුකම් ශක්තිමත් කරයි
දැනට රට පුරා ව්‍යාප්ත වන කොවිඩ් -19 තෙවන රැල්ල හේතුවෙන් කොවිඩ් ආසාදනය වී අසාධ්‍ය වන රෝගීන්ට හදිසි ප්‍රතිකාර සේවාවන් ලබාදීමට ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව
විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර සේවා පවත්වාගෙන යාමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
ඒ අනුව ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ (KDU) දැඩි සත්කාර ඒකක 03 ක්කොවිඩ් රෝගීන්ගේ දැඩි සත්කාරක සේවා සදහා වෙන් කිරීමටත්, මෙම ඒකක තුල ICU ඇඳන්
24 ක් සහ High Dependency Beds (HDU ඇඳන්) 12 ක් ස්ථාපිත කොට Hi-flow ඔක්සිජන් ඇතුලු සියළු පහසුකම් ලබාදීමටත් පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා
දෙයි.
මෙම කටයුතු සොයාබැලීම සදහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (29) රාත්‍රියේ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ විශේෂ නිරික්ෂණ
චාරිකාවක ද නිරත විය.
නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පැවැති විශේෂ සාකච්ඡාවේ දී මෙම දැඩි සත්කාර ඒකකය පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන වෛද්‍යවරු 30ක්, හෙදියන් 80 ක්, කණිෂ්ඨ කාර්ය
මණ්ඩල සාමාජිකයින් 25 ක් කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට සෞඛ්‍ය අමාත්‍යවරිය උපදෙස්
ලබාදෙන ලදි.
කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා අවශ්‍ය වෛද්‍ය උපකරණ, ඖෂධ වර්ග කඩිනමින් ලබාදීම කටයුතු කරන ලෙසත්, මෙම දැඩි සත්කාර ඒකකවල සේවය සදහා පැමිණෙන
සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ආරක්ෂිත නේවාසික හා ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසට ද සෞඛ්‍ය ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට මෙහිදී
උපදෙස් ලබාදෙන ලදි.