ගිරිබාව රෝහල වසා දමයි

කොරෝනා ආසාධිත රෝගියකු මරණයට පත්වීමත්  සමග ගිරිබාව රෝහල තාවකාලිකව අද (29දා) සවස වසා දැමිමට කටයුතු කළ බව සෞඛ්‍ය බලධාරියකු පැවැසීය.

වරාවැව පදිංචි ආර්.එච් .එම් .හේරත් මැණිකේ නැමති  68 හැවිරිදි දරුවන් 13 දෙනෙකුගේ  මවක් මෙසේ කොවිඩ් නිසා ජීවිතක්ෂයට පත්ව තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අදාළ කාන්තාව දින කිපයකට පෙර කැස්ස හා සෙම් රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගිරිබාව රෝහලේ නේවාසිකව සිටි බව කියයි.

ගිරිබාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම කාන්තාව අසාධ්‍ය විමත් සමග තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මරණයට පත්ව ඇති අතර එහිදි සිදුකල ඇන්ටිජන් පරික්ෂණයකින් මෙම කාන්තාව කොරෝනා ආසාධිත ව සිටි බවට සනාථ වී තිබේ.