බයික් රේස් පදින්න ආ තරුණයින් පිරිසක් අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණයින් පිරිසක් මුහුණු පොත මඟින් සම්බන්ධ වී  නීති විරෝධී යතුරුපැදි තරඟ සදහා අරණායකට පැමිණ සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස පැමිණ සිටි තරුණයින් සිව්දෙනෙකු යතුරුපැදි හතරක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස යතුරුපැදිවල නැගී පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දෙබත්ගම, මාවනැල්ල මාර්ගයේ යතුරුපැදි තරඟ සඳහා සූදානම් වෙමින් සිටියදී මොවුන් මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තරුණයින් දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.