ලබන 07 වනදා දක්වා පාසල් යළි වසා තැබීමට තීරණයක්

ලබන 07 වනදා දක්වා පාසල් යළි වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අප්‍රේල් 30 වනදා දක්වා පාසල් වසා තබන බවයි මීට පෙර ඔහු කියා සිටියේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව යළි පාසල් ආරම්භය සම්බන්ධයෙන් ලබන 07 වනදා රැස්වී තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සදහන් කළා.

අද (01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

මේ අතර රජය ගත් තීරණයට අනුව සියලු කතෝලික සහ ඇන්ග්ලිකන් පාසල් ද වසා තැබීමට තීරණයකර තිබෙනවා.