අන්තර්ජාලය හරහා පක්ෂ කිහිපයක් මැයි දිනය සමරයි
කොරෝනා වසංගතය හේතුවෙන් ප්‍රධාන පක්ෂ කිහිපයක් සිය මැයි රැළි අන්තර්ජාලය හරහා පැවැත්වීමට අද (01)කටයුතු කළා.
ඒ අනුව සමගි ජනබලවේගය අද පෙරවරු 11 ට පමණ සිය මැයි රැළිය අන්තර්ජාලය හරහා ආරම්භ කළ අතර, ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි රැළිය ආරම්භ කරනු ලැබුවේ පෙරවරු 10.30 ට පමණයි.
මේ අතර අදට යෙදී ඇති මැයි දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක් කරමින් අදහස් දක්වා සිටියා.
හිටපු කම්කරු අමාත්‍යවරයෙකු වන ටී.බී. ඉලංගරත්නගේ ගුණ සමරු උත්සවයක් කොළඹ තුන – ශ්‍රී උත්තරානන්ද මාවතේ පිහිටි ඔහුගේ පිළිරුව අසළදී පැවැත්වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් ද ඊට එක්ව සිටියා.
එසේම 1993 වසරේ මැයි දින සැමරුම් උත්සවය අතරතුර මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ගොදුරක් බවට පත්වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ ගුණානුස්මරණ උත්සවය කොළඹ අලුත්කඩේ පිහිටි ඔහුගේ පිළිරුව අසළදී ආරම්භ කෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.