ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර මිලියන 43ක් වංචා කරලා
ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කර වානේ කම්බි නිෂ්පාදන සමාගමකට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් රුපියල් ලක්ෂ 430ක මුදලක් වංචා කළ සංවිධානාත්මක කණ්ඩායමක සිව් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනිම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.
අත්අඩංගුවට ගත් පිරිස අතර එම වානේ සමාගමේ ගිණුම් පවතින පෞද්ගලික බැංකුවේ නිලධාරියෙකු ද වන බව සඳහන් වේ.
මීට අමතරව විධායක නිලධාරියෙකු හා එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ සිට මීට මාසයකට පමණ මෙරටට පැමිණි පුද්ගලයෙකු ද සැකකරුවන් අතර වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.