වෙඩින් හා ප්‍රියසාද නිවෙස් තුළත් තහනම්
ප්‍රිය සාද, මංගල උත්සවය ආදිය නිවෙස්වල පැවැත්වීම ද තහනම් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු පවසන්නේ සමහර ප්‍රදේශවල මෙවැනි උත්සව නිවෙස් තුළ පැවැත්වීමට සැලසුම් කරමින් තිබෙන බවට තොරතුරු වාර්තා වන බවයි.
ඒ අනුව එසේ නිවෙස් තුළද උත්සව පැවැත්වීම තහනම් කර ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේය.