උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට අනතුරු ඇඟවීම්

අමෙරිකාවට සහ දකුණු කොරියාවට තර්ජනය කරමින් නිවේදන කිහිපයක් නිකුත් කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබේ.

“පාලනය කරගත නොහැකි ව්‍යසනයක්” නුදුරු අනාගතයේදීම අමෙරිකාවට මුහුණ දීමට සිදුවන බව ඉන් එක නිවේදනයක දැක්වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

උතුරු කොරියානු බලධාරීන්, දකුණු කොරියාවට චෝදනා කර ඇත්තේ විවිධාකාරයේ හිංසා සිදුකළ බව පවසමිනි.

මෙම තත්ත්වය හේතුවෙන් එම රටවල් තුන අතර දැඩි අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.