දකුණු පළාතේ සති පොළවල් වසා දමයි

දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින්  පාලනය වන සියලුම සති පොළවල් සෞඛ්‍ය උපදෙස් මත  සති දෙකක කාලයක් සදහා වසා දැමිමට පළාත් පළාන ප්‍රධානින්ට උපදෙස් ලබාදුන් බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසයි.

සෞඛ්‍ය අංශ ප්‍රධානින් සමග   පැවති  සාකච්ඡාවකින්  පසු මෙම තිරණය ගත් බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49ක් පවතින අතර  මෙකි ආයතන මගින් පවත්වාගෙන යන සතිපොළවල් සති දෙකක කාලයක් සදහා වසා  දමන ලෙස  උපදෙස් ලබා දුන් බවද ආණ්ඩුකාරවරයා පවසයි.

ගොඩනැගිලි ආශ්‍රිතව  සතිපොළවල් පවත්වාගෙන යාම නිසා භාණ්ඩ මිලදිගැනිම සදහා පාරිභෝගිකයින් විශාල පිරිසක් එක් රැස්වන නිසා මෙම තින්දුව ගත් බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේය.