යාපනය පොලීසියේ කොවිඩ් පොකුර ඉහළට

යාපනය පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් 38 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි යාපනය පොලීසිය පවසයි.

පසුගිය අප්‍රේල් මාසයේ 12 වනදා සිට අද (04) දිනය දක්වා පොලිස් නිලධාරීන් 38 දෙනෙකුට වෛසරය ආසාදනය වී ඇති අතර පළමුව  නිලධාරීන් 09 දෙනෙකුට කොරෝනා ආසාදනය වී  ඇති බවට වාර්ථා වීමත් සමග යාපනය පොලිසියේ අදාල නිලධාරීන් සමීප ආශ්‍රිතයින් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කරන ලදි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අනුව වරින් වර ලබාගත් පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවන්ට අනුව ආසාදිතයින් හඳුනාගෙන ප්‍රතිකාර සහ නිරෝධායනයට යොමු කොට ඇති බවටද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පැවසීය.

යාපනය පොලීසියේ පවතින කොරෝනා අවධානම සැලකිල්ලට ගනිමින් මහජනතාව සමග සහ රාජකාරි කටයුතු වල නිරත වීමේදී දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසටද යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් උපදෙස් දී ඇත.