පොලිස් දැලේ රිෂාඩ් අහුවුණේ කොහොමද?

පසුගිය දින හය තුළ සැඟවී සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බතියුදීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් මතු වී තිබේ.

ඔහු වෙනත් පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි කළ සිම් පතක් සහ නව ජංගම දුරකථනයක් භාවිතා කළ බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මීට අමතරව, ඔහු පසුගිය සතියේ අඟහරුවාදා සිට බ්‍රහස්පතින්දා දක්වා කළුබොවිල රෝහල අසල නැවතී සිටි බව අනාවරණයවී ඇත .

මෙම නඩුවේදී රිෂාඩ් බතියුදීන්ට රැකවරණය දුන් වෛද්‍යවරිය ඇතුළු 7 දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සියල්ලන් ද ඊළඟ 27 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබා ඇත.