ඩිවෝන් අලුත් මන්දිරයකට යයි
ලොව ධනවත්ම නළුවා ලෙස මේ වසරේදී තේරී පත් වූ සුපිරි හොලිවුඩ් සිනමා නළු ඩිවෝන් ජොන්සන් අප්‍රේල් 19 වැනිදා පදිංචිය සඳහා අලුත් නිවසකට ගිය බව සඳහන් වෙයි. ඒ ඇමෙරිකාවේ බෙවර්ලි හිල්ස් පිහිටි ඇමෙරිකානු ඩොලර් මිලියන 27.8ක් වටිනා මන්දිරයකටය.
ඇමෙරිකානු බෙවර්ලි හිල්ස් යනු ලොව ධනවත්ම පුද්ගලයන් පදිංචිව සිටින නගරයක් ලෙස ප්‍රසිද්ධව සිටියි. ඩිවොන් සිය අලුත් නිවසේ සිට ගත් විඩියෝවක් මේ වනවිට තම ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම තුළ ප්‍රසිද්ධ කර තිබේ. මේ ඔහු විසින් මෑතකදි ගත් තෙවැනි සුපිරි මන්දිරය බව සඳහන් වෙයි.