තේ පර්යේෂණායතනයේ PCR 40කින් 30ට කොවිඩ්
තලවකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.
එම තේ පර්යේෂණ ආයතනයේ 40 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණයට භාජනය කළ බවත්, ඉන් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (07) දින තහවුරු වු බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
එම අසාදිතයන් දැනට ඔහුන්ගේ සේවක නිල නිවාස වලම සිටින බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.