අවශ්‍යතාවක් ඇතිවුවහොත් රට වසා දමන බව රාජ්‍ය ඇමති සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ කියයි
අවශ්‍යතාවයක් ඇති වූවහොත් රට වසා දැමීමට පියවර ගන්න බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
ඇය මේ බව කියා සිටියේ, අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අවශ්‍යතාව අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් හුදෙකලා කිරීමේ බලතල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට ලබාදී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නා.