කිලිනොච්චිය පොලීසියේ 28කට කොරෝනා

කිලිනොච්චිය පොලීසියේ 28 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා.

ඒ දින කිහිපයක් පුරා සිදුකළ කොරෝනා පරීක්ෂණ වල වාර්තා අද ලැබීමෙන් අනතුරුවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනය සදහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි කිලිනොච්චිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.සරවනභවන් සඳහන් කළේ.

කිලිනොච්චිය පොලීසිය සම්පූර්ණයෙන් විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇති අතර වෙනත් පොලිස් ස්ථානවල නිලධාරීන් යොදවා පොලීසියේ රාජකාරී කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා.