කොවිඩ් පැතිරෙන ආකාරය ගැන CDC හි මාර්ගෝපදේශ

ආසාදිතයෙකුගේ වෛරස ජල බිඳිති හෝ කුඩා අංශු ආශ්වාසය වෛරසය පැතිරීමේ ප්‍රධාන ක්‍රමයක් බවට එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් කොවිඩ්-19 වෛරසය සම්ප්‍රේෂණය වන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීම් යාවත්කාලීන කර ඇත්තේ, මතුපිට පෘෂ්ඨයකින් එය ආසාදනය වීමේ අවදානම කෙරෙහි අඩු අවධානයක් යොමු කරමිනි.

කෙසේ වෙතත් මතුපිට පෘෂ්ඨයන් පිරිසිදුව තබා ගැනීමේ අවශ්‍යතාව ක්‍රමානුකූලව අවධාරණය කරන එම ම්‍යධස්ථානය, වෛරසය වාතය හරහා පැතිරෙයි යන අදහස දෙසට වැඩි නැඹුරුවක් යොමු කරමින් හුස්ම ගැනීමේදී හෝ ඇස් හරහා ඇතුළු වීම ගැන අවධානය යොමු කර ඇත. කෙසේ වෙතත් ආසාදිතයෙකුගේ වෛරස අංශු වැටුණු පෘෂ්ඨයක් ස්පර්හ කිරීම හරහා එය නාසය, මුඛය හෝ ඇස් හරහා ඇතුළු වීමේ අවදානමද CDC මගින් බැහැර කර නොමැත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ආසාදිත පුද්ගලයෙකු වෛරස ජල බිඳිති හා ඉතා කුඩා අංශු ආශ්වාසය මගින් වෙනත් අයෙකුට කොවිඩ්-19 පැතිරීම සිදුවෙයි. මෙම ජල බිඳිති හා අංශු අනෙක් පුද්ගලයන්ට හුස්ම ගැනීමමේදී හෝ ඔවුන්ගේ ඇස්, නාසය හෝ මුඛය මත පතිත වීමෙන් මෙය සිදුවිය හැකිය. සමහර තත්ත්වයන් තුළ, ඔවුන් ස්පර්ශ කරන පෘෂ්ඨයන්හි වෛරසය රැඳිය හැකිය. ආසාදිත පුද්ගලයාගේ සිට අඩි 6කට වඩා සමීප පුද්ගලයන් ආසාදනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ඔවුන් සිය නවතම යාවත්කාලීන දත්ත සමග පවසයි.

මෙය නව මග පෙන්වීමක් නොවන බව, CDC හි කොවිඩ්-19 ප්‍රතිචාරයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජෝන් බෘක්ස් පැවසුවේ, සමහර විට මඟපෙන්වීම තවදුරටත් විකාශනය වීමට පටන් ගන්නා ආකාරය මෙය බවයි.

එය මිනිසුන් විසින් දැනටමත් කරමින් සිටින පූර්වාරක්ෂක ක්‍රමවේද වෙනස් නොකරයි. නමුත් වෛරසය පැතිරෙන ආකාරය වඩා හොඳින් තේරුම් ගැනීමට මහජනයාට එය උපකාරී වන බව බෘක්ස් පවසයි. එනම් දැනට සිදුකරන පූර්වාරක්ෂක මගපෙන්වීම් ලෙස තවත් පුද්ගලයන් අසලදී හෝ සංවෘත පරිසරයකදී (කාර්යාල හෝ වාතාශ්‍රය අඩු තැන්) යෝග්‍ය මුඛ ආවරණයක් පැලඳ සිටීම, හැකි විට අන් අයගෙන් දුරස්ථව සිටීම සහ නිතර අත් සේදීම තවදුරටත් අනුගමනය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කරයි.

මුඛ ආවරණ පැඳීමේ ආරක්ෂාව පිළිබඳ ඇතැම් දෙනා තුළ පවතින අනවශ්‍ය භීතීන් මැඬපැවැත්වීම සඳහා ඒ පිළිබඳ විද්‍යා සංක්ෂිප්තයද CDC යාවත්කාලීන කර ඇත. ඒ අනුව මුඛ ආවරණ පැලඳීමෙන් සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති නොවන බව පර්යේෂණවලින් හෙළි වී ඇති බව ඔවුන් කියයි.

“මුඛ ආවරණයක් මගින් වාතය පෙරීම පමණක් නොවෙයි, මුඛ ආවරණයක් පැලඳීමෙන් ඔබේ ශ්ලේෂ්මල පටල ආවරණය වෙනවා. ඒ වගේම මුඛ ආවරණයක් පැලඳ සිටින විට ඔබේ මුඛය ස්පර්ශවීම සිදුවන්නේ නැහැ.” බෘක්ස් වැඩිදුරටත් පැවසීය.

මෙම වෙනස්කම් සඳහා බලපෑම් කරමින් සිටි විද්‍යාඥයන් මේ ගැන CDC වෙත ප්‍රශංසා කර තිබුණේ, තවත් ක්‍රියාමාර්ග ගත යුතු බවද පෙන්වා දෙමිනි.

මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛරස් සම්ප්‍රේෂණය වන ආකාරය අධ්‍යයනය කරන වෛද්‍ය ඩොනල්ඩ් මිල්ටන් පැවසුවේ මෙය ඉතා වැදගත් හා කාලෝචිත ඉදිරි පියවරක් බවයි.

“කෙසේ වෙතත්, මේ මාරාන්තික වෛරසය සම්ප්‍රේෂණය වීම නැවැත්වීම සඳහා කුඩා වායු අංශුවලට නිරාවරණය වීම වැළැක්වීම සඳහා CDC හි එහි මඟ පෙන්වීම් හෝ නිර්දේශ තවදුරටත් ශක්තිමත් විය යුතුයි. කුඩා වායු අංශු ආශ්වාස කිරීම කොවිඩ්-19 වසංගතයේ ප්‍රධාන ගාමක බලවේගයක් බව වායුගෝලීය විද්‍යාඥයන් සහ වසංගත රෝග විද්‍යාඥයන් අතර පැහැදිලි එකඟතාවක් පවතිනවා.” වෛද්‍ය මිල්ටන් පැවසීය.

ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ සිසිලන පද්ධති ක්‍රියාත්මක කරන ලද සංවෘත ස්ථානවල වඩා හොඳ වාතාශ්‍රයක් ලබාගැනීම සඳහා, විශේෂයෙන් ප්‍රතිචක්‍රීකරණය කරන ලද වාතය ආශ්වාස කිරීමට මිනිසුන්ට බල කෙරෙන ස්ථානවල N95 වැනි ඉහළ ගුණත්වයකින් යුතු මුඛ ආවරණයක් පැලඳීමේ වැදගත්කම අවධාරණය කිරීමයි.