ටෝකියෝ ඔලිම්පික් උළෙල පවත්වන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහතිකයක්

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය පැවතුණ ද, මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සැලසුම් කළ ආකාරයෙන් මේ වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපති ජෝන් කෝට්ස් පවසනවා.

ඔහු කියා සිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම, ජපාන පොදු ජනතාවගේ ද ආරක්ෂාව සහතික කරන විශේෂිත ඔලිම්පික් බුබුළක් සංවිධායකයන් විසින් සකස් කරන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජපානයේ නව කොරෝනා රැල්ලක් මතුවීමත් සමඟ ඔලිම්පික් උළෙල කල් දමන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත්ව තිබෙනවා.

ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ වසර දක්වා කල් තැබුණා.

ඒ අනුව, එය ලබන ජූලි 23 වනදා ආරම්භ වීමට නියමිතයි.