ජනපති පුත් මනෝජ් රාජපක්ෂ පිය පදවියට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනෝජ් රාජපක්ෂට හා ඔහුගේ බිරිය වන සෙව්වන්දි රාජපක්ෂට දියනියක ඉපදී ඇති බව වාර්තා වනවා.
මෙම දරු උපත අද (08) අලුයම අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුව ඇති බව සඳහන්.
ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් සඳහන් කළේ, සිය පුතණුවන්ගේ මෙම විශේෂී අවස්ථාවට එක්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර සිටි නමුත්, රට තුළ මේ වනවිට උද්ගතව ඇති කොවිඩි 19 වසංගත තත්ත්වය හේතුවෙන් එය පසෙක දමන්නට සිදුවූ බවයි.
මේ වනවිට ජනාධිපතිවරයාගේ ප්රමුඛ අරමුණ වී ඇත්තේ, මෙම වංසගතය මර්දනය කිරීම සදහා වන එන්නත්කරණ ක්රියාවලිය කඩිනම් කිරීම බවත්, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මේ වනවිට අමෙරිකාවට ගොස් සිටින බවත්, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.