20 වගන්ති 4 කට ජනමත විමසුමක්…. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක මැතිසබයට දන්වයි
20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 3,5,14 සහ 22 යන වගන්ති ජනමත විචාරණයකදී සම්මත කළ යුතු බවත් එහි අනෙක් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල වන අතර ඒවා විශේෂ බහුතර ඡුන්දයෙන් සම්මත කිරීම අවශ්‍ය බවත් එම සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශයට පත් කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවට දන්වා සිටියේය.
එසේ වුවද 3 සහ 14 යන වගන්තිවලට ඇති ව්‍යවස්ථා අනුකූලතාව පනත පිළිබඳ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීම හෝ ඉවත් කළ හැකි වන අතර 5 වැනි වගන්තියේ අනනුකූලතාවය ඉවත් කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පරිදි යැයි එහි දක්වා තිබේ.
ඊයේ පාර්ලිමේන්තුව ආරම්භයේදීම කථානායකවරයා විසින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
20 වැනි සංශෝධනයේ ඇති ජනාධිපතිවරයාගේ මුක්තිය ඉවත් කිරීම, මැතිවරණ කොමිසමේ නිලධාරීන් සම්බන්ධව පවතින ද`ඩුවම් කිරීමේ බලය, පාර්ලිමේන්තුව පත්වී වසරක් තුළ විසුරුවා හැරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තු සභාවක් බවට පත් කිරීම යන යෝජනා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු වේ.